බුද්ධගයාව ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ බිහාර් හි බුද්ධගයාව ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඇති බව මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හකුරුගම්මන සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ පවසයි.

බුද්ධගයාව ආසන්න ස්ථානයක දී බෝම්බ 2 ක් සොයා ගැනීම හේතුවෙන් ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය.

මෙම බෝම්බ දෙක සොයා ගැණුනේ ඉන්දීය ආරක්‍ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමක දීය.

අධික ආරක්‍ෂාව මධ්‍යයේ බුද්ධගයාවේ කාලචක්‍ර නම් ස්ථානයේ පැවැත්වෙන පූජෝත්සවයකට ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමාතුමා පැමිණීම හා සමගාමීව මෙවැනි සිද්ධියක් සිදුවීම විශේෂත්වයක්ග විදේශවලින් බැතිමතුන් විශාල පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ.

බුද්ධගයාවට පැමිණෙන සෑම අමුත්තෙකුම දැඩි පරික්‍ෂාවට ලක් කෙරෙන බව ඉන්දීය පොලීසිය පැවසීය.

දලයිලාමාතුමා ලබන මස 02 වනදා දක්වා ඉන්දියාවේ ටිබෙට් විහාරස්ථානයක රැඳී සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − fourteen =