මෙවර තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නෑ

(කොළඹ, ලංකාපුවත්) –මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව මැතිවරණ ක්‍රමයත් සමග වෙනම තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් නොකෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඡන්දපොළ තුළම හෝ එම කොට්ඨාසය තුළ මුලින් නියම කරගත් ස්ථානයක අදාළ ඡන්ද පොළේ ඡන්දය ගණන් කිරීම සිදුවේ. එහිදි එම කොට්ඨාසයට අයත් ඡන්ද ප්‍රතිඵලයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය ඊට එකතු කරනු ලබන බව ඒ මහතා සඳහන් කරයි.

 

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සියයට 60ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය.

පසුගිය 18 වන දින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ අතර එය ලබන 4 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

ජනවාරි මස 28 වන ඉරුදින විශේෂ ඡන්ද පත්‍රිකා බෙදීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 7 =