රටේ ආර්ථිකය ඉහළ නැංවීමට යටිතල පහසුකම් සංවර්ධය කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රටේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ විදෙස් ආයෝජිකයින් මෙරටට ගෙන්වා ගැනිමට නම් රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු බවයි.

පුත්තලම, පොතුවටවන මහ විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

පොතුවටන රජමහා විහාරයේ 125 වන සංවත්සරය නිමිත්තෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බෝධි ප්‍රාකාරය සහ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව සහිත මලසුන්ගෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

විහාරස්ථානයේ රන් වැට නිරාවරණය කිරීම ද අග්‍රාමාත්‍යවරයා සිදු කළා. අභිනවයෙන් ඉදිකළ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කිරීම ද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ විහාරස්ථාන වැසී යාමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =