ඌව පළාත් මහ ඇමතිට ඇප

(කොළඹ, ලංකාපුවත්) –විදුහල්පතිනියක දණ ගැස්වූ බවට චෝදනා එල්ල වී ඇති ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ මහතා අද(23) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් බදුල්ල පොලිස් ස්ථානය වෙත බාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

බදුල්ල ප්‍රදේශයේ දෙමළ බාලිකා පාසලක විදුහල්පතිනියක සිය නිල නිවසට කැඳවා දණ ගැස්වූ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පසුගියදා චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක අතර ඒ අතර අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසද ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.

අද දිනයේ පොලිසියට බාර වූ ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 5 =