කඩා වැටුණු ආර්ථිකය නගා සිට වූ බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සමයේ කඩා වැටී තිබූ ආර්ථිකය නගා සිටුවා රටේ ස්ථාවර ආර්ථිකයක් ඇතිකර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැලණිය නාගහමුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

” දැන් අපි ආරක්ෂකය ස්ථාවරභාවයක් ඇති කරලා තියනවා..මේ රටේ රජයේ ආදායම අපි වැඩි කරලා තියනවා..ලංකාවේ වැඩියෙන්ම අපනයන ලැබුවේ 2017 කියලා මං ප්‍රකාශ කරන්න කැමතියි..ඒත් මං ඒ ගැන සෑහීමකට පත් වෙන්නෑ..මට ඕනා ඒක බිලියන 20ක් නැත්තන් 30ක් කරන්න…ඊළඟ අවුරුදු 2 ,3දී තවත් දියුණු වෙන්න දියුණු වෙන්න සංවර්ධනය දියුණු වෙ.නවා.ඒ සංවර්ධනය තමයි අද මේ රටට ගේන්නේ..ඒත් එකක් මතක තියාගන්න..රට සංවර්ධනය ආර්ථිකය නාගා සිටුවන එකක්..ගමට සංවර්ධනය ගේන එක තව එකක් අපේ ව්‍යවස්ථාව යටතේ ගමේ සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රාදේශිය සභාවට නගර සභාවට… මහ ආණ්ඩුවයි නගර සභාවයි ප්‍රාදේශිය සභාවයි එකට වැඩ කරනවා නම් තමයි සංවර්ධනයේ උපරිම ප්‍රයෝජන අරගන්නේ..ආණ්ඩුව සැලසුම් හදනවා.. බිම් මට්ටමේ ක්‍රියා කරලා ජනතාවට දෙනවා..අන්න එතනට මේ සංවර්ධනය ගේන්න ඉදිරියට ගෙනියන්නයි මං කියන්නේ රටේ ආණ්ඩුව අපිට දුන්නා වාගේ ගමේ ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයට දෙන්න කියලා …”

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනහමුව සංවිධාන කර තිබුණි. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *