ජනප්‍රිය දෙමළ පොප් ගායක මනෝහරන් සමුගනියි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ජනප්‍රිය දෙමළ පොප් ගායකයෙකු වන ඒ.ඊ.මනෝහරන් ඊයේ(22) ඉන්දියාවේ චෙන්නායි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

1972 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැදුණු මනෝහරන් භාෂා පහකින් ගීත ගායනා කොට ඇත.

සිංහල හා දෙමළ චිත්‍රපට 265ක රඟපා ඒවායින් වැඩි කොටසකට පසුබිම් ගායනයෙන්ද සහය වී ඇති ඔහු සම්මාන ලාභී ගායකයෙකි.

ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ රසිකයින් අතර ඉතා ජනාදරයට පත්ව ඇත්තේ පොප් ගායකයෙකු වශයෙනි.

සිංහල හා දෙමළ මිශ්‍ර ගීත කීපයක්ම ගායනා කොට ඇති මනෝහරන් විසින් ගායන කල ”සින්න මාමියේ..සින්න මාමියේ” ගීතයත් ”සුරංගනී” ගීතයත් සිංහල හා දෙමළ රසිකයින් අතර ඉතා ජනප්‍රිය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 14 =