ජපානයේ හිමකන්දක් කඩා වැටේ – 15කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ හිමකඳු කඩා වැටීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පහළොස් දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සදහන් වේ. මධ්‍යම ගුන්මා පළාතේ කුසාට්සු ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇත.

කුසාට්සු ශිරානේ ගිනි කන්ද විදාරණය වීමෙන් මෙම හිමකඳු කඩා වැටීම සිදුවන්නට ඇති බවට සැක කෙරේ.

තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු දිවි බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, එම කඳුකර ප්‍රදේශයට නොයන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *