බැදුම්කර සහ වංචාදූෂණ කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවත් බරපතල වංචා දූෂණ පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවත් අද (23) පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

ඉන් අනතුරුව, එම වාර්තා පිළිබඳ පක්ෂ නායකයින්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

කෙසේ වෙතත හෙට(24) දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව එම වාර්තා සම්බන්ධයෙන් විවාද කිරීම සහ ඉදිරියේ දී ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කරනු ඇත. අද සහ හෙට දෙදිනම පාර්ලිමේන්තු සභා වාර පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *