කොළඹ ගැටලු විසඳීමට අගමැතිගෙන් දස අවුරුදු සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ප්‍රදේශයේ ගැටලු විසඳීමට දස අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

” විශේෂයෙන්ම 1994න් පස්සේ ආණ්ඩුව කොළඹ අමතක කරා..මං හිතන්නේ අපි බලයට ආපු අවුරුදු 2 හැර කොළඹ කිසිදු වැඩක් සිදු වුණේ නෑ..සැලැස්මක් තිබුණේ නෑ…J.R ජයවර්ධන ,රණසිංහ ප්‍රේමදාස යටතේ පටන් ගත්ත සංවර්ධන සැලසුම් ඊට පස්සේ සැලැස්මක් තිබුණේ නෑ..ඒ නිසා දැන් කොළඹ ප්‍රශ්න ගණනාවක් තියනවා..දැන් කොළඹ ප්‍රශ්න විසදන්න අපිට දස අවුරුදු සැලැස්මක් තියනවා..මේ ඔක්කොම එක සැරේ කරන්න බැහැ..අපි බලන්නේ ඊලඟ අධියරෙදී මේ තට්ටු නිවාස පනස්දහසක් කරන්න..මොකද මේ ඒ අය පවුල් පනස්දහසක් එතනට ගියාම ඒ බොහෝදෙනෙක් හිටපු ඒ ඉඩම් වල අපිට පුලුවන් අලුත් තට්ටු නිවාස දාන්න..ඒවා තමයි නගරේ තියන නිවාස ප්‍රශ්නය අපිට විසදන්න තියෙන්නේ..කොළඹ දියුණු කරන්න ඒ දියුණුව ඉදිරියට ගෙනියන්න අපිට උවමනායි ආණ්ඩුව එක්ක වැඩ කරන්න පුලුවන් කොළඹ මහනගර සභාවක්..ආණ්ඩු බලය අපේ තියෙන්න ඕනා ඒත් ඒක නගරෙට ගේන්න මහ නගර සභාවක් ඕනේ.. එහෙනම් පෙබරවාරි 10 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න…”

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්ය.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා එය සංවිධාන කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුලු ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *