මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට ජනප්‍රිය රංගන ශිල්පිනියක් එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරිම සදහා ජනප්‍රිය රංගධර අනෝජා වීරසිංහ මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක් වෙයි. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝග ව්‍යායාම් ආරම්භ කිරීමට තීරණය කෙරුනි. එම යෝග ව්‍යායාම් සිදු කිරීමේ දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගය ලබාගැනීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

පුහුණු කිරීමේ වැඩසටහන් ත්‍රිවිධ හමුදාවේ සිටින යෝග පුහුණුකරුවන් යොදාගනිමින් සිදු කිරීමට ද සාකච්ඡා කරන ලදි. දිවයින පුරා රෝහල්වල සිටින කාර්ය මණ්ඩලවලට, පාසල් දරුවන්ට සහ ආචාර්ය මණෟඩලයට මෙන්ම දෙමාපියන්ට ද පුහුණුව ලබාදීමට සැළසුම් කර ඇත.

මෙහිදී අදහස් දැක් වූ අනෝජා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මෙතෙක් කල් මානසික සෞඛ්‍ය සේවාව සදහා විධිමත් සහයෝගයක් රජයෙන් නොලැබුන බවයි. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම සහයෝගය ලබාදෙන බව ඇය අවධාරණය කර සිටියාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මානසික සෞඛ්‍ය) චිත්‍රමාලි ද සිල්වා, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *