මැතිව්ස් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින හා පන්දුවාර 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශයේ සිට ආපසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ ඔහුට ඇති වී තිබෙන පාදයේ ආබාධය සදහා ප්‍රතිකාර ලබා ගැනීමටය.

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුන දුන් පළමු එක්දින තරගයේදී නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්විය. මේ හේතුවෙන් දෙවන එක්දින තරගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ දිනේෂ් චන්දිමාල් ය.

දකුණු පාදයේ කළවා ප්‍රදේශයේ මතු වූ ආබාධයට ප්‍රතිකාර ලබාගැනීම සදහායි මැතිව්ස් ශ්‍රී ලංකාවට පැමිණ සිටි. තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය පමණක් නොව බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියද ඔහුට අහිමිවීමේ අවදානමක් පවති.

බංග්ලාදේශ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර මූලික වටයේ අවසන් තරඟය ලබන විසිපස් වනදා පැවැත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *