2018 ලෝක සෞඛ්‍ය දින සැමරුම ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) –2018 ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ දී සමරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා පවසයි.

2018 ලෝක සෞඛ්‍ය දින සැමරුම සෑම වසරකම අප්‍රේල් හත් වන දින සැමරෙන අතර මෙවර තේමාව ”විශ්වීය සෞඛ්‍ය ආවරණය” යන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලයේ 142වන සැසිවාරය අමතමින් ඒ මහතා මේ බව පවසා ඇත.

2018 ලෝක සෞඛ්‍ය දින සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට එක්ව ඇති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිය ස්තූතිය පුද කර සිටියේය.

එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකාවේ දී හමුවීමට බලාපොරොත්තු වන බවද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *