ඉන්දුනීසියානු ජනපති දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරාධනයකට අනුව ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24 ) ශ්‍රී ලංකාවට පමිණියේ ය.

හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + fourteen =