කෙන්ටකි ප්‍රාන්තයේ පාසල් සිසුවෙක්ගේ වෙඩි පහරින් සිසුන් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 17 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පාසල තුලට කඩා වැදුනු තුවක්කුකරුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි අනාවරණය වී ඇත්තේ මෙම වෙඩි තැබීම එම පාසලේම ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙක් විසින් සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 15 හැවිරිදි සිසුවෙක් හා සිසුවියකි.

කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නෙමැති බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + thirteen =