දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නැහැ – ධනුෂ්ක රාමනායක

(කොළඹ, ලංකාපුවත්) – රැකියාවක් ලබාගන්න, ව්‍යාපාරයක් පවත්වගෙන යන්න, තමන්ගේ අනෙකුත් ඕනෑ එපාකම් සපුරගන්න දේශපාලකයා පස්සෙ යන එහෙයි න්‍යායේ ඉන්න කණ්ඩායමක් සමාජයට අවශ්‍ය නොමැති බව මෙවර පළාත් පාලන මැතිවරණයට මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කරන ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සිය මැතිවරණ ව්‍යාපාරයේ ජනහමුවකට එක්වෙමිනි.

අතීත සමාජයට වඩා වත්මන් සමාජය දැනුවත් වගේම බුද්ධිමත්. අපිට අවශ්‍ය කරන්නෙත් එහෙම සමාජයක්. තරුණ තරුණියෝ විදියටත්, තරුණ වෘත්තීයවේදීන් විදියටත් අපේ මේ උත්සාහය මහරගම නගරය ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ සංවර්ධිතම නගරයක් බවට පත්කිරීමට කටයුතු කිරීම බව ද රාමනායක මහතා සදහන් කළේය.

රැකියාවක් ලබාගන්න, ව්‍යාපාරයක් පවත්වගෙන යන්න, තමන්ගේ අනෙකුත් ඕනෑ එපාකම් සපුරගන්න දේශපාලකයා පස්සෙ යන එහෙයි න්‍යායේ ඉන්න කණ්ඩායමක් සමාජයට අවශ්‍ය නොමැති බවත්, ඒ වෙනුවෙන් අනාගත දේශපාලන හෙංචයියන් බිහිකළ යුතු නොමැති බවද රාමනායක මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × four =