නීති විරෝධී ධීවර යාත්‍රා සඳහා දඬ මුදල වැඩි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස විදේශීය ධීවර යාත්‍රා මඟින් ධීවර කටයුතු සිදු කිරීමට එරෙහිව දඬ මුදල් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා වන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත ගෙනා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

විදේශ ධීවර යාත්‍රා පැමිණ දේශීය මුහුදේ ධීවර කටයුතු යෙදීම්ට එරෙහිව පවතින නීති රීති ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මත්ස්‍ය සම්පත අඩු වෙනවා. නීත්‍යාණුකූල නොවන දෙයට දඬුවම් ලබාදීමට විරුද්ධ වෙන්න විදියක් නෑ. කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් නිදහස් වීම අත් හිටුවා තිබෙනවා.තවමත් අපි ටින් මාළු ,උම්මලකඩ පිටරටින් ගේනවා. රටක් ලෙස ධීවර කර්මාන්තය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් මෙම නීති රීති මඟින් ධීවර කර්මාන්ත ඉදිරියට යා හැකියි.

රුපියල් ලක්ෂ15 පැවැති දඬ මුදල අවමය ලක්ෂ 60 සිට ලක්ෂ 1750 දක්වා වැඩි කෙරෙනවා. ධීවරයන් ආරක්ෂා කරගත යුතුයි. ඔවුන්ගේ ආදයම වැඩිකරගත යුතුයි. තවත් ක්‍රියාමාර්ග රාශියක් කරනවා මත්ස්‍ය අපනයනය වැඩි කරන්න. විදේශ යාත්‍රාවලින් පැමිණ සිදු කරන පන්න ක්‍රමවලට එරෙහිව දැඩි නීති රීති ගේනවා. රට ගැන සිතා මේ පනත ගෙන ආ බවත් අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − two =