පහළ මල්වතුඔය ජලාශයේ ඉදිකිරීම් මැයි මාසයේදී

(කොළඹ, ලංකාපුවත්) – පහළ මල්වතුුඔය ජලාශ ව්‍යාපෘතියට අදාල දෙවන අදියරේ වැඩ කටයුතු ආරම්භ කරන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

දෙවන අදියර යටතේ කි‍්‍රයාත්මක වන්නේ ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමවන ජනතාව නැවත පදිංචි කිරීමේ කි‍්‍රයාවලියයි. එම ජනතාව වෙනුවෙන් අංග සම්පූර්ණ ගම්මාන කිහිපයක් තන්තිරිමලේ ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතයි. පවුල් 300 ට ආසන්න පිරිසක් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙලට ඇතුලත්වන අතර ඔවුන් වෙනුවෙන් ඉදිකරන ගම්මාන තුළ පෙරපාසල්, අළෙවිසැල්, බෙහෙත් ශාලා, මාර්ම ඇතුළු ප‍්‍රවාහන ආදී සියළු පහසුකම් ලබා දීමට සැලසුම් සකස් කර තිබේ.

මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර නැවත පදිංචි කිරීමේ කටයුතු පළමුව සිදු කිරීමට පියවර ගෙන ඇති බවත්, එවැනි වැඩපිළීවෙලක් කි‍්‍රයාත්මක නොවීම තුළ උමාඔය වැනි ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේදී එම ප‍්‍රදේශවල ජනතාව බරපතල ප‍්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් මල්වතුඔය ව්‍යාපාරයේදී එම ජනතාවගේද කැමැත්ත මත සියල්ල සිදු කිරීමට පියවර ගැනීම කැපී පෙනෙන කාරණයකි.

මේ අතර පහළ මල්වතුඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍ය පාලිත රංගේ බ්ණඩාර මහතා පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන සමස්ථ මුදල රුපියල් මිලියන 13000 කි.

ශී‍්‍ර ලංකාවේ ඉදිවන තුන්වන විශාලම ජලාශය ලෙස සැලකෙන පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය මගින් කුඹුරු අක්කර 40000 ට දෙකන්නයේදීම ජලය සැපයීමටත් වව්නියාව, අනුරාධපුර හා මන්නාරම ඇතුළු දිස්ති‍්‍රක්ක කිහිපයක ජනතාව මුහුණ පා සිටින පානීය ජල ගැටළුවට ස්ථිර විසදුම් ලබා දීමටත් අපේක්‍ෂිතය. එමෙන්ම මේ යටතේ විදුලි බලාගාරයක්ද ඉදි කෙරෙන අතර එමගින් ගිගාවොට් 4.68 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට නියමිතයි. ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක තවත් වැදගත් කාරණයක් වන්නේ තන්තිරිමලේ ආශි‍්‍රතව වඩාත් දියුණු නගරයක් නිර්මාණය කිරීමයි. ඒ යටතේ කෞතුකාගාරයක් හා සංචාරක පාරාදීසයක්ද ඇති කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විට ව්‍යාපෘතියේ මූළික අදියර යටතේ ව්‍යාපෘති කාර්යාලයක් තන්තිරිමලේදී ඉදිවෙමින් තිබේ. එමෙන්ම මන්නාරම දක්වා දිවෙන ඇල මාර්ග ඛිහිපයක ඉදිකිරීම්ද මේ වන විට සිදු වෙමින් තිබේ. වසර 60 ත් පෙර යෝජනා සම්මත වූ ව්‍යාපෘතියක් වුවද පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය වරින් වර විවිධ හේතු මත අතහැර දැමීමට සිදු වූ බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + eighteen =