රිට්ස්බර් විසින් විදුදය රිට්ස්බර් අන්තර් පාසල් පිහිණුම් ශූරතාව බලගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – සිලෝන් බිස්කට් ලිමිටඩ් සමාගම විසින් නිෂ්පාදනය කරන රිට්ස්බරි චොකලට්, ප්‍රතම වරට මෙරට පිහිණුම් ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදීම සදහා ඉදිරිපත්ව ඇත.

විදුදය රිට්ස්බර් අන්තර් පාසල් පිහිණුම් තරගාවිලයේ එකම අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම පිහිණුම් තටාකය හිමි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා එක්ව රිට්ස්බර් මෙම තරගාවලිය සංවිධාන කරයි.

පාසල් 130කට වැඩි සංඛ්‍යාවකින් පිහිණුම් ක්‍රීඩකයින් 2500කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කරගැනීමට නියමිත මෙම ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පිහිණුම් තටාක සංකීර්ණයේ දී ජනවාරි 27 සහ 28 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය. එමෙන්ම මෙහි කේවල තරග 96ක් හා කණ්ෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ සමස්ත ශුරතා කුසලානයන් සදහා වයස අවුරුදු 9, 11, 13, 15, 17 සහ 19න් පහළ තරගකරුවන් සහභාගී වන රිලේ තරග 24ක් පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ විදුදය අන්තර් පාසල් පිහිණුම් ශූරතා තරගාවලිය සාර්ථක කර ගැනීම සදහා රිට්ස්බරි චොකලට් ආයතනය ලබාදෙන සහාය පිළිබඳ ඉතා සතුටට පත්වන බවය.

මේ අතර CBL ුඩ්ස් ඉන්ටනැෂනල් පෞද්ගලික ආයතනයේ අලෙවි කළමණාකාර නිලුපුල් ද සිල්වා මහතා කියා සිටියේ උපරිම දක්‍ෂතාවන් දැක්වීම සදහා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළඹවීමට හා ඔවුන්ව ධෛර්යමත් කිරීමට සිය ආයතනය සෑමවිටම කැප වී සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + twenty =