ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයින්ට වර්ෂයකට මිලියන 300ක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයින්ට පශ්චාත් උපාධි පාඨමාලා සදහා ඉදිරි වසර 05 ඇතුලත වර්ෂයකට මිලියන 300 බැගින් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට කල ඉල්ලීමකට අනුව මෙම වෙන් කිරීම සිදු කර තිබේ.

මේ සදහා මැලේසියා පුත්‍ර විශ්ව විද්‍යාලය, තායිලන්තයේ කැසට්සාට් විශ්ව විද්‍යාලය හා පිලිපීනයේ ලොස් බානොස් විශ්ව විද්‍යාලය සමග 2017 වසරේ නොවැම්බර් මාසයේ දී සහයෝගීතා ගිවිසුමකට කෘෂිකර්මා අමාත්‍යංශය පැමිණ ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස කැසට්සාට් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලද පළමු ශිෂ්‍යත්වය සදහා පළමු අපේක්‍ෂිකාව ලෙස තෝරාගන්නා ලද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍යාලි රත්නායක මහක්මිය වෙත ශිෂ්‍යත්ව ලිපිය හා ගුවන් ගමන් ටිකට් පත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පසුගියදා ලබාදුන්නේය.

ඉදිරි වසර 05 ඇතුලත මෙරට කෘෂිකර්ම පර්යේෂන පද්ධතියේ විද්‍යාඥයින්හට මෙම වැඩසටහන යටතේ මෙහි ප්‍රතිලාභ ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *