වෙනිසියුලා ජනාධිපතිවරණයට දින නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) – වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දින නියමවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව අප්‍රේල් 30වනදා ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට එරට ව්‍යවස්ථාදායක සභාව නියෝග කර ඇතැයි සදහන් වේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පාලක සමාජවාදී පක්ෂය තවදුරටත් තම බලය රැකගැනීමට උත්සාහ කිරීම ඊට හේතුව වේ. වෙනිසියුලානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනවාරි මාසය වනවිට නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කරගත යුතුව ඇත.

මේ අතර ජනාධිපති නිකලස් මදුරෝ තමා යළිත් වරක් වෙනිසියුලා ජනාධිපති ධුරයට තරග කරන බව ප්‍රකාශකර ඇතැයි ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *