SLIIT සිසුන්ගේ නවෝත්පාදන හැකියාවන් INSYS 2017 හිදී ඇගයීමට

(කොළඹ, ලංකාපුවත්) – උසස් අධ්‍යාපන සිසුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමේ වේදිකාවක් තැනූ INSYS 2017 එක්දින හාස්ත්‍රීය සම්මන්ත්‍රණයට නවෝත්පාදන හැකියාවන්ගෙන් යුත් SLIIT ශිෂ්‍ය කණ්ඩායම් 05ක් පසුගියදා සහභාගී විය. එම කණ්ඩායම් පහ ම එහිදී කුසලතා සම්මාන දිනාගැනීමට සමත් වූහ.

‘තිරසාර අනාගතයක් උදෙසා නවෝත්පාදන’ යන තේමාව යටතේ සංවිධාන කෙරුණු INSYS 2017 සදහා දෙස් විදෙස් විද්වතුන් සහ පර්යේෂකයින් රැසක් එක්ව සිටියහ. මෙම ශාස්ත්‍රීය සසම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණේ පර්යේෂන සහ නවෝත්පාදන සේවා කාර්යාලයේත් (ORIS) පාදුක්ක, ශ්‍රී ලංකා තාක්‍ෂණ සරසවි ආයතනයේ ත් සහයෝගයෙනි.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් මහාචාර්යවරු මෙන්ම ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවෝද මෙහි ප්‍රධාන දේශන සදහා සහභාගී වූහ.

මෙහිදී තාක්‍ෂණික අදියර දෙකකදී සන්නිවේදන ඉංජිනේරුවේදය, ගතිකත්ව පද්ධති, මෝඩලින් සහ පාලන මෙන්ම රොබෝටික්ස් ගැන ද අවධානය යොමු විය.

මීට සමගාමීව පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ නවෝතපාදන නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද පැවැති අතර ඊට එක්වූ SLIIT කන්ඩායම් කුසලතා සම්මාන දිනූ හ.

SLIIT නියෝජනය කළ එක් කණ්ඩායමක් හදුන්වා දී තිබුණේ සුරතල් සතුන්ට ස්වයංක්‍රීයව ආහාරපාන සැපයීය හැකි උපකරණයකි. ඒ හරහා ස්වාමියා නිවසේ නැති මොහොතකදී පවා සුරතලාට කෑම මෙන්ම ජලය පවා සැපයීමේ හැකියාව පවතී. එය අන්තර්ජාලය පදනම් කරගත් IOT තාක්‍ෂණික උපාංගයක් සහඅඇප් එකක් ඇසුරින් ක්‍රියාත්මක වන්නකිත සුරතලා වෙනුවෙන් විශ්චිත වේලාවකදී යම් නිශ්චිත ප්‍රමාණයක ආහාර සැපයීමේ හැකියාවක් මේ උපාංගය සතුය.

තවත් SLIIT සිසු කණ්ඩායමක් පොදු ස්ථානවල පිහිටුවිය හැකි කාසිවලින් බලගැන්වෙන ජංගම දුරකථන හා ටැබ්ලට් බැටරි ආරෝපණ උපකරණයක් ඉදිරිපත් කර තිබුණි.

කුසලතා සම්මාන දිනූ කෙවැනි SLIIT කණ්ඩායම නිපදවා තිබුනේ බලශක්ති සංරක්‍ෂණ විදුලි ස්ත්‍රික්කය ලැසිදිවුම් තත්ත්වයේ තිබියදදී විදුලි පේනුවට සම්බන්ධකර තිබුණත් බලශක්ති නාස්තිවීම වැළැක්වීමේ හැකියාවෙන් යුක්තය.

කැසලතා සම්මාන දිනූ SLIIT සිසුන්ගේ තවත් මෙවැනි සුවිශේෂී නිර්මාණයක් වූයේ ස්පර්ශ සංවේදක පෑනයි. යම් හෙයකින් ලියන්නාගේ අතින් පෑනේ ග්‍රහණය අඩුවුවහොත් එනම් අවධානය ගිලිහී ගියහොත් කෙටි කම්පනයක් ඇතිකර නැවතත් අවධානය යොමු කර ගැනීම මෙම පෑනේ විශේෂත්වයයි.

අනෙක් කුසලතා සම්මානය හිමිවූයේ ශීග්‍රයෙන් වැඩිවෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පිළිබඳ සැළකිල්ලට ගනිමින් රෝහල තුළ දී ලබාදෙන ප්‍රධාන ප්‍රතිකාරය වන සිරුරේ ද්‍රව කළමනාකරණය වෙුනවේ විශේෂ පද්ධතියක් හදුන්වා දුන් SLIIT සිසු කණ්ඩායමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *