ක්‍රිකට් ක්‍රීඩකයින් 103 ක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට

(කොළඹ, ලංකාපුවත්) – 2017 – 2018 ක්‍රිකට් වාරයේ දේශීය ක්‍රිකට් තරගාවලියන්ට සහභාගි වන පළමු ශ්‍රේණියේ ක්‍රිකට්ක්‍රීඩකයන් 103 කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙම කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන මුදල ලක්ෂ 850කි. කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ ක්‍රීඩකයන් අතුරින්ය.

ඒ අනුව 2016-2017 ක්‍රිකට් වාරයේ ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් විස්සක් සහ දේශීය තරගාවලියන්ට සහභාගි වී උසස් දස්කම් පෙන්වීමට දිරිගැන්වීමක් ලෙස නැගී එන ක්‍රීඩකයන් විසිතුනක් ද මීට ඇතුළත්ය. ඊට අමතරව අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් විසි නවයකටත් හිටපු ජාතික ක්‍රීඩකයන් දාහතරකටත් වත්මන් ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවලට අයත් නොවන එහෙත් මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දාහතකටත් නව කොන්ත්‍රාත්තු පිරි නැමේ.

ක්‍රීඩකයන් 103ක ට මේ ප්‍රතිපාදන ලබාදෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජවලින් පිරිනැමෙන දීමනාවලට අමතරවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *