දණ ගැස්වූ විදුහල්පතිනිය වෙනුවෙන් ඇමති පලනි තිගාම්බරනුත් පාරට

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් විදුහල්පතිවරියක් දණගැස්වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දැවන්ත උද්ඝෝෂණයක් හැටන් හිදී පවත්වන බව ජාතික කම්කරු පෙරමුණේ නායක කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

කොළඹ ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපතිවරයා වහා පියවර ගතයුතු බවය.

මේ අතර පසුගිය පාලන සමයේදී සෞම්‍යමූර්ති තොණ්ඩමාන් පදනම යොදාගෙන සිදුකළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු පශු සම්පත් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේශ් සඳහන් කළේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධුරය සෙන්දිල් තොණ්ඩමාන්ට ලබා දීම නරියන්ට කුකුළන් ලබාදීමට සමාන බවයි. හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් විසින් සිදුකළ මූල්‍ය සම්බන්ධයෙන් නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *