ඌව පළාත් සභාව උණුසුම් වීමෙන් තිදෙනෙකුට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීම අද (25) පැවැත්වී ඇති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා ඇත.

පළාත් සභාව ඉදිරිපිටදී මෙම පහරදීම සිදුවී ඇති අතර මෙම පහරදීමෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා තවත් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවාලකරුවන් මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *