බ්‍රසීල හිටපු ජනපති දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීල හිටපු ජනාධිපති ලුලාද සිල්වා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට එරට අභියාචනාධීකරණයක් විසින් තීරණය කර ඇත.

ඒ සමග ඔහුට ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි වනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා 2003 වසරේ සිට 2011 වසර දක්වා බ්‍රසීලයේ පාලකයා ලෙස කටයුතු කළේය. මහා පරිමාණ දූෂණ චෝදනාවලට සම්බන්ධ ඉදිකිරීම් සමාගමකින් මහල් නිවාස සංකීර්ණයක් අල්ලස් ලෙස ලබා ගැනීම මගින් හිටපු ජනාධිපතිවරයා නීතිය කඩ කර ඇති බව විනිසුරුවරුන් ප්‍රකාශ කර ඇත.

ඒ සමග ඔහුට පනවා තිබූ බව වසර නවයහමාරක සිර දඩුවම වසර 12ක් දක්වා දීර්ඝ වන බව ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *