කොළඹ නගරයේ ජනතාවට සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට කැපවනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගර සභාවේ කටයුතු පෞද්ගලිකවම සොයා බලා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් කොළඹ නගරයේ ජනතාවට සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට කැපවන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ මැද කොළඹ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

කොළඹ නගරයේ ලස්සන එහි ජීවත්වන ජනතාවගේ ජීවිත තුළ නොමැති බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා වතු ජනතාව ඇතුළු කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව ඉතා දුක්ඛිත ජීවිත ගතකරමින් සිටින්නේ මෙතෙක් ඔවුන්ගේ ඡන්දය ලබාගත් දේශපාලනඥයින් ඔවුන් වෙනුවෙන් නිසි වගකීම් ඉටු නොකිරීම නිසා බව ද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව කොළඹ මහ නගර සභාව ජනතා ප‍්‍රශ්න විසඳන නගර සභාවක් බවට පත්කරන බව පැවසූ ජනාධිපතිතුමා එහි ජීවත්වන ජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය, සුබසාධන ඇතුළු සියලු ගැටලුවලට ඒ සමග විසඳුම් හිමිවනු ඇති බව ද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ මහ නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජනහමුව අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් අලුත් කඬේ හන්දියේදී පැවැත්විණි.

අමාත්‍ය මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, තිලංග සුමතිපාල, වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද අසාද් සාලි, ප‍්‍රදීප් ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 3 =