ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැන තීරණයක් නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජනපතිවරණයකට නැවත ඉදිරිපත් වන්නේදැයි තමන් තවමත් තීරණය කර නොමැති බවත් තමන් ජීවත්ව සිටින තෙක් දේශපාලනයේ නිරත වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

අද (26) ජනපති නිල නිවසේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

තමන් දේශපාලන සත්වයෙක් බවත් තනතුරු ඇතිව හෝ නැතිව දේශපාලනයේ නිරත වන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

එසේම ලබන 29වනදා තමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් ද කැදවා ඇතැයි ජනාධිපතිතුමා එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 8 =