තැපැල් ඡන්ද විමසීම සාමකාමීයි – පැෆරල්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර පළාත් පාලන ආයතන තැපැල් ඡන්ද විමසීම සුළු සිදූම් කිහිපයක් හැරෙන්නනට සාමකාමී අයුරින් පැවැති බව පැෆරල් සංවිධානයේ විධායකඅ ධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පන්ලක්ෂ හැට දහසක (560000) පමණ පිරිසක් සුදුසුකම් ලබා ඇති අතර එහි පළමු අදියර පොලිස් ස්ථාන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල පදනම් කර ගනිමින් 2018.01.22 වන දින පවත්වන ලදි.

දෙවන අදියර ලෙස 2018.01.25 දින ලංකා ගමනාගමන මණ්ඩල, අධ්‍යාපන කාර්යාල, යුධ හමුදා කඳවුරු, රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතනවල පවත්වනු ලැබූ අතරල පැෆ්රල් සංවිධානය දේශපාලන වශයෙන් සංවේදී සහ සැළකිය යුතු ඡන්ද ප්‍රමාණයක් සහිත තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් විධිමත් පුහුණුවක් ලැබූ පළපුරුදු නිරීක්ෂකයින් 1100 ක ප්‍රමාණයක් යොදවා ඇත.

2018.01.22 සහ 25 දෙදින තුළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමී අයුරින් පැවැති අතර සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට කිසිදු අක්‍රමිකතාවයක් වාර්තා නොවූ බව හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවට විධිමත් අවසරයකින් තොරව ඇතුළු වූ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉවත් කිරීම.

හම්බන්තොට මහ රෝහලේ පැවැති තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉතිරිව තිබිය දී පෙ.ව 11.30 ට පමණ අවසන් කිරීමේ සිදුවීමක් වාර්තා වූ අතර හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් තුමාගේ මැදිහත්වී ප.ව.4.00 දක්වා විවෘතව තබන ලෙස උපදෙස් දුන් සිදුවීමක් වාර්තා විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට මොරාවත්ත කණිෂ්ට විද්‍යාලයේ විදුහල්පති වරයා තැපැල් ඡන්දය ඉල්ලුම් කිරීමේදී නිසි ක්‍රමවේදයකින් තොරව ඉල්ලුම් කිරීම නිසා එම විද්‍යාලයේ ගුරුවරුන්ට තැපැල් ඡන්දය අහිමි වූ බවට පැමිණිලි ලැබී ඇත.

මීට අමතරවල අලව්වල හැටන්/ මට්ටක්කුලිය වැනි ප්‍රදේශවල ඡන්දය ආයාචනය කිරීම වැනි සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා විය.

ඉහත සුළු සිදුවීම් කිහිපය හැරුණු කොට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ථ මට්ටමක පැවැති අතර කිසිදු බරපතල සිදුවීමක් වාර්තා නොවූ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙම තත්ත්වය අද(26)දවසේ මෙන්ම තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ පුද්ගලයන් ස‍ඳහා වෙන්කර ඇති 2018.02.01 සහ 02 යන දිනවලදී ද පවතී යයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + four =