දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් 39ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.

මිර්යෑන් පළාතේ , මිර්යෑන් ප්‍රදේශයේ රෝහලක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්නෙන් මියගිය පිරිසට අමතරව තවත් 70 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන්ගෙන් 08දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

ගින්න හටගන්නා අවස්ථාවේ රෝහලේ රෝගීන් දෙසීයක් පමණ සිටි අතර ඉන් වැඩි දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිව ති‍බේ.

ගින්නට හේතුව මෙතෙක් හෙළිව නොමැති අතර රෝහලේ පළමු මහලේ කාමරයක් තුළ ගින්න හට ගෙන ඇතැයි වාර්තා වේ. මේවන විට ගින්න මැඩ පවත්වා ඇත.

එසේම මිට මාසයකට පමණ පෙර දකුණු කොරියාවේ ජෙචේන් නගරයේ මහල් අටකින් සමන්විත ගොඩනැඟිල්ලක් තුළ හට ගත් ගින්නකින් පුද්ගලයින් 29 දෙනෙක් මිය ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + one =