බස්නාහිර පළාතෙන් පසුව විශාලතම කර්මාන්තකරණය සිදුවන්නේ හම්බන්තොට හා මොනරාගල

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාතෙන් පසුව විශාලතම කර්මාන්තකරණය සිදුවන්නේ හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

මොනරාගල පැවති ජන රැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“කර්මාන්තශාලා 100ක් ගේන්න දියුණුවක් ගෙනත් දෙන්නත් ඒ වැඩකටයුතු ආරම්භ කළා..සමහරු ඇහුවා මට පිස්සුද කියලා..මේ මොනරාගල ඇවිල්ල වෙල්ලස්සේ ඇවිල්ලා කර්මාන්ත දාන්න අන්න ඒ සැලැස්ස්ම අරගෙන මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ..ඒක අපි ක්‍රියාත්මක කරන්න තියනවා..මේ සියල්ලෙන්ම අළුත් ආර්ථිකයක් මේ ප්‍රදේශයට ලබලා දෙන්න..කොළබින් පස්සේ බස්නාහිර පලාතෙන් පස්සේ විශාලම කර්මාන්තකරණය අපි හම්බන්තොටයි මොණරාගලයි කරන්නේ කියලා මං කියන්න කැමතියි..”

එක්සත් ජාතික පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහායි ජන රැළිය සංවිධාන කෙරුණි. මොණරාගල සතිපොළ භූමියේ පැවති මෙම ජන රැළියට විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 3 =