මැතිවරණ පැමිණිලි 260ක් – සැකකරුවන් 61ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර පළාත් පාලන මැතිවරණය කටයුතු පැවැත්වෙන 2017 දෙසැම්බර් 9 දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම කාල සීමාව තුළ සිදුව ඇති මැතිවරණ නීති උල්ලංඝණය වීම් සංඛ්‍යාව 106ක් බවද වාර්තා කරයි. මෙම මැතිවරණ නීති උල්ලංඝණය වීම්වලින් වැඩිම සිදුවීම බැන තර්ජණය කිරීම් ය. මෙවැනි සිදුවීම් 82ක පැමිණිලි සංඛ්‍යවක් මේ කාලසීමාව තුළ පොලීසිය වෙත වාර්තා වී ඇත.

පැමිණිලිවලට අනුව සැකකරුවන් 61ක් අත්අඩංගුවට පත්ව සිටී. ඒ අතරින් අපේක්ෂකයන් 12ක් අත්අඩංගුවට පත්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *