යාපනය සරසවියේ යළි ගැටුම්

(කොළඹ, ලංකාපුවත්) – යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ

ඊයේ (25) රාත්‍රි 9.00ට පමණ නේවාසිකාගාරයේ ඇතිවූ මෙම ගැටුමෙන් එක් ශිෂ්‍යයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ ශිෂ්‍යා ප්‍රතිකාර සදහා වව්නියාව මහ රෝහලට ඇතුලත් කර ඇත. මෙලෙස තුවාල ලබා ඇත්තේ ව්‍යවහාරික පීඨයේ දෙවන වසරේ සිසුවෙකි.

පලමු වසරේ සිසුවෙක් ඔහුට පහරදී ඇති බව පැවසේ.වව්නියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − four =