සවුලි නීනිස්ටෝ යළිත් ෆින්ලන්ත ජනපති ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – ෆින්ලන්තයේ නව ජනාධිපතිවරයා ලෙස සවුලි නීනිස්ටෝ යළිත් වරක් තේරී පත්ව තිබේ.

ඒ අනුව ඉදිරි වසර හයක කාලය සදහා සවුලි නීනිස්ටෝ ට ෆින්ලන්තයේ පාලකයා ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇත. ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව 62.7%ක මනාප ප්‍රතිශතයක් ලැබී තිබේ.

ඔහුගේ ප්‍රතිවාදියා වූ හරිත පක්ෂයේ අපේක්ෂක පෙකා හාවිස්ටෝට ලබා ගැනීමට හැකි වූයේ 12.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

තමාට ජනතාවගෙන් ලැබුණු සහයෝගය පිළිබදව පුදුමයට පත් වූ බව ෆින්ලන්තයේ නව ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත. මේවන විට ඔහු 69වැනි වියෙහි පසුවේ.

1994 වසරේ දී එර‍‍ට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් සමඟ පළමු ඡන්ද විමසීමේදී ඔහු ජයග්‍රහණය කළ පළමු අපේක්ෂකයා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =