සෑම මැතිවරණයක දීම ඉදිරිපත් කරන සැලසුම් ක්‍රියාත්මක කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –බංකොලොත් දේශපාලනයෙන් මිදී තම සැලසුම් සෑම මැතිවරණයකම ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කරමින් සැම විටම ජනතා සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ඊයේ(28) පැවති ජන රැළි කිහිපයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනරැළියක් සංවිධාන කර තිබුණි. නුවරඑළිය කවිදාස් ක්‍රීඩාංගනයේ පැවති මෙම ජනරැළියට විශාල පිරිසක් එක්ව සිටි‍යහ. ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මැති ඇමතිවරුන්, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් මෙම ජන රැළියට එක්ව සිටියේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා හැටන් නගර සභාවට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ද ජනරැළියක් සංවිධාන කෙරුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් හැටන් නගරයේ පැවති මෙම ජන රැළියට ද විශාල පිරිසක් එක්ව සිටියහ.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ගම්පොල නගරයේ ද ජන රැළියක් සංවිධාන කර තිබුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොල පුද්ගලික බස් නැවතුම්පොල අසළ පැවති මෙම ජන රැළියට ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *