ඉන්දියාවට ගෙන යාමට උත්සාහ කළ රත්‍රං කිලෝ 12ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යාමට සූදානම්කර තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 12ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 7කට අධික බව නාවික හමුදාව සඳහන් කළේය.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව උතුරු මැද නාවික විධායනට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මෙහෙයුමක දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යමින් තිබූ මෙම රත්‍රං තොගය තලෙයිමන්නාරම, ඌරුමලෙයි මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

ග්‍රෑම් 100 බැගින් වූ කැබලි 120ක් ලෙස ඒවා අසුරා තිබූ බව වාර්තා වේ. රත්‍රං ප්‍රවාහනය සඳහා යොදා ගත් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගැණුණි.

සැකකරුවන්, රත්‍රං තොගය සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පළාත් රේගු නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *