ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීමට අමෙරිකා සහාය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා අමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සම්පත් දායකයින්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් සකස් කළ ද්විපාර්ශවීය ගිවිසුමට අත්සන් තැබීම ඉදිරිදිනකදී කොළඹ දී සිදුකිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් සාම බලකායේ ප්‍රධාන විධායක නිලධාරී ෂේලියා ක්‍රොව්ලි මහත්මිය දිවයිනට පැමිණීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය පරිදි අමෙරිකානු සාම බලකායේ නියෝජිත පිරිසක් මීට පෙර 2017 මැයි 14 – 26 දිනවලදී ශ්‍රී ලංකාව තුළ සංචාරය කළ අතර එම නියෝජිත කණ්ඩායමේ නිර්දේශය මත අමෙරිකානු සාම බලකාය විසින් තම ස්වේච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *