දෙමළ දේශපාලන සිරකරුවන් වෙනත් බන්ධනාගාර වලට මාරු කරන ලෙස ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ඊයේ (29)උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය C.V.විග්නේෂ්වරන් මහතා හමුවී ලිපියක් භාරදී තිබේ.

දෙමල දේශපාලන සිරකරුවන් පිරිස වහා වෙනත් බන්ධනාගාරවලට මාරුකොට ඔවුන්ට ඇති චෝදනා සම්බන්ධව කඩිනම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රජය සමග සාකච්ඡා කරන ලෙස ඔවුන් එම ලිපියෙන් ඉල්ලා ඇත.

මෙම දේශපාලන සිරකරුවන් බරපතල ගනයේ අපරාධකරුවන් සමග රදවා ඇති බැවින් ඔවුන්ගේ ජිවිතවලට විශාල තර්ජනයක් එල්ල වෙමින් පවතින බව මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එසේම මෙම පිරිස බොහෝ කාලයක් සිරකරුවන් වශයෙන් රදවා සිටින බැවින් ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =