වසර 2020 දක්වා ආණ්ඩුව තියෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් වසර 2020 දක්වා වත්මන් රජය පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කදුරුවෙල පැවති ජන හමුවකදී සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

“මං අද ආවේ වැස්සක් බලාපොරොත්තුවෙන් නෙවෙයි… මං එක්ක වැස්සත් ඇවිල්ලා… අදත් අපේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණ මුණගැහුණා…. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ඉදන් 2014 පොදු අපේක්ෂකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහයෝගය දුන්න පක්ෂ සියල්ලම ඉන්නේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ… අපි කතා කරා අපි තීරණය කරා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණට.. අපි හදන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා… එහෙනම් 2020 වෙනකම් අපි මේ ආණ්ඩුව ගෙනියනවා කියලා අපි තීරණය කරා… ඒක වෙනස් කරන්න බෑ… ඒ වගේම මේ ආණ්ඩුව සමඟියෙන් ගෙනියන්නත් අපි තීරණය කරා.. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති හැටියට අපි මේ ආණ්ඩුව ගෙනියනවා කියලා අපි සියළුදෙනාම තීරණය කරා… දැන් මේ ප්‍රාදේශීය සභා ඡන්දෙදී අපි වෙන වෙනම එනවා… ඒත් ඡනදෙන් පස්සේ කොහොමවත් මේ ආණ්ඩුව පවතිනවා… ඒකයි මං බැලුවේ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න…”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන හමුව පැවැත්වුණේ කදුරුවෙල නගරයේදීය. පොළොන්නරුව දිසත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම උදෙසායි එය සංවිධානකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =