FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ FBI ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකේබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවෙචනයට ලක්වූවකු වෙකි.

මැකේබ් එළඹෙන මාර්තු මාසයේ දී සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි නමුත් සැලසුම්ගත දිනයට පෙර ඔහු එම ධුරයෙන් ඉවත්ව ඇති බව ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඔහුට ධුරයෙන් ඉවත් වන ලෙස බලකර තිබූ බව ඇතැම් වාර්තා වල දැක්වේ.

පසුගිය මැයි මාසයේ FBI ආයතනයේ හිටපු ප්‍රධානී ජේම්ස් කොමේ එම තනතුරින් ඉවත් වූ පසු වැඩබලන ප්‍රධානියා ලෙස මැකේබ් කටයුතු කරන ලදි.

ඔහු ගේ ඉවත් වීමේ තීරණයට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නොමැති බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සදහන් කර තිබේ

ඇන්ඩෘ මැකේබ් FBI ආයතනයේ වසර 22ක් කටයුතු කර ඇති ප්‍රවීනයෙකි.

2013 වසරේ සිදු වූ බොස්ටන් මැරතන් බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රධාන අපරාධ රැසක් සම්බන්ධයෙන් FBI සිදු කළ විමර්ශනවල ප්‍රධාන භූමිකාවක් මැකේබ් සිදු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *