එඩ්වඩ් කුමරු දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වන බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු අද(31) දහවල් දිවයිනට පැමිණ තිබේ.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද දහවල් 12.30 ට පමණ ඔහු ඇතුළු දූත පිරිස පැමිණ අැත.

එඩ්වඩ් කුමරු සමඟ ඔහුගේ ආර්යාව ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පැමිණ තිබේ.

දින 06 ක කාලයක් එඩ්වඩ් කුමරු ඇතුළු දූත පිරිස මෙරට රැඳී සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *