විශේෂ සෝදිසි මෙහෙයුමකින් 1670 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (30) රාත්‍රි 11.00 සිට අද (31) අලූයම 3.00 දක්වා පොලිස් මාර්ග බාධක 1308 ක් යොදා දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 1670 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී බීමත් රියදුරන් 719 ක් හා වරෙන්තුකරුවන් 397 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එසේම නීතිවිරෝධී ගිනි අවි ළඟ තබාගත් 5 දෙනෙකු සහ විවිධ අපරාධයන්ට සම්බන්ධයෙන් පුද්ගලයින් 554 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 3715ක්ද ගොනුකර ඇති අතර මත්පැන් පානය කර බීමත්ව අශෝබන ලෙස හැසිරීම හා වැලි හා දැව වැටලීම් සම්බන්ධයෙන් නඩු 46 ක් ගොනු කර තිබේ.

මෙම මෙහෙයුමේදී ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 293ක්, හෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 943 ක් සහ නීතිවිරෝධී මත්පැන් ලීටර 3860 ක් මෙම මෙහෙයුමේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 42,673 දෙනෙකු සහ වාහන 20,913 ක් පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + eighteen =