රජයේ යහපාලන ප්‍රයත්නයන් අගයමින් ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 31ක ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ යහපාලනය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් වසර හතරක්පු රාවට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ධනය සඳහා යහපාලනය (Governance for Growth) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 31 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.8 ක) ප්‍රදානයක් ලබාදීම සඳහා වන පාලිත ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එළඹෙන ලදී.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා වන ප්‍රයත්නය සඳහා සහය දැක්වීම මෙන්ම දුප්පත්කම සහ විෂමතාවය අවම කිරිම වෙනුවෙන් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදාහැරීම සඳහා සහයෝගය දැක්වීමට අරමුණු කොට ගෙන ඇත. එසේම, මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා රජයේ ජාතික‚ පළාත් සහ ප්‍රාදේශීය මට්ටම්හි සංගෘහිත ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ප්‍රතිපත්ති සැකසීමේ සහ බෙදාහැරීමේ ශක්‍යතාවය සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය දක්වනු ඇත.

මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඇතැම් ක්‍රියාකාරකම් යටතට ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාවට නංවනු ලබන ජාතික ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලෝක බැංකුව සමඟ සිදුකිරීමට නියමිත සහයෝගය දැක්වීම මෙන්ම කාන්තාවන් සහ අබාධිත පුද්ගලයන් ද ඇතුළුව පළාත් සභා සහ පළාත් පාලන ආයතන පොදු මහජනතාව වෙත ලබාදෙනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහත නැංවීම සහ අදාල ආයතනයන්හි ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් ආසියානු පදනම සමඟ සිදුකිරිමට අපේක්ෂිත ක්‍රියාකාරකම්ද ඇතුලත් වේ.

තවද, ශ්‍රී ලංකාවේ ආර්ථික තීරණ ගැනීමේ සහ රාජ්‍ය සේවාවන් ලබාදීම සම්බන්ධයෙන් වන ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා දායකත්වය දක්වනු ලබන ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් සහ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු ආයතනික සබැඳියාවන් ඇති කිරීම සඳහාද, මෙම වැඩසටහන මඟින් අවස්ථා සලසා දෙනු ඇත.

මෙම වැඩසටහනේ සමස්ථ උපායක්‍රමික කළමණාකරණ වෙනුවෙන් දායකත්වය දැක්වීම මඟින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහනේ මූලික ශ්‍රී ලාංකික පාර්ශවය ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර පවතින පුළුල් සංවර්ධන සහයෝගීතා ගිවිසුම යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි වැඩසටහන්, ශ්‍රී ලංකා රජයේ ජාතික අභිමථාර්ථයන් සමඟ පූර්ණ වශයෙන් එකඟ වන බැවින් සහ සංවර්ධනය වෙනුවෙන් වන පොදු දැක්ම නිරූපනය වන බැවින් අදාල වැඩසටහන් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ඉහළ අවධානයක් යොමුකර ඇති බවට ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchesson මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

අදාල ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchesson මහතා ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් අදාල ගිවිසුමට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී 2018 ජනවාරි 30 දින අත්සන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *