ගෝඨාභයගේ ඉල්ලීම මහාධිකරණයෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑමට අවසර දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් නිදහස් කකරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද(02) තීරණය කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + 10 =