නව දෙමුහුන් මල් වර්ග 15ක් හදුන්වා දීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – නව දෙමුහුන් මල් වර්ග 15ක් 2018 වසරේ දී හදුන්වා දීමට කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය පවසයි.

එම මල්වර්ග මේවන විට පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යානයේ දී සාර්ථකව අත්හදා බලා ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරිය පසුගියදා පේරාදේණිය රාජකීය උද්භිත උද්‍යානය නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ දී මේ බව කියා සිටියාය.

ඒ අනුව ඇන්තූරියම් වර්ග 10ක්, ඕකිඩ් වර්ග 03ක් සහ කිරීටා වර්ග 02ක් මෙම දෙමුහුන් මග් වර්ග 15ට අයත් වේ. මෙම නව දෙමුහුන් මල් ප්‍රභේදවල පැළ උද්භිත උද්‍යානවලින් ඉදිරියේ දී ලබා ගත හැකිය.

විවිධ වර්ණ හා හැඩ තුළින් මෙම නව මල් ප්‍රභේද වර්ග අලංකාරයකින් යුක්ත නිසා මෙම මල්වර්ගවලට ද ඉහළ ඉල්ලුමක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

පේරාදේණිය උද්භිත උද්‍යානයේ ශාක සංරක්‍ෂණාගාරයේ අභ්‍යන්තර සැළසුම් නිර්මාණ කටයුතු සහ පැළෑටි ස්ථාපිත කෙරෙමින් පවතී. එය නුදුරේදීම මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වේ. උද්‍යානයේ සජීවී ශාක එකතුවට නව ශාක විශේෂ එක් කරමින් ශාක සංරක්‍ෂන කටයුතු සිදු කෙරේ. 2017 වසරේ දී පමණක් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පැළ 109,340ක් නිපදවීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − three =