වාද්දුවේ දී පුද්ගලයෙක් බසයෙන් වැටී මරුට

(කොළඹ, ලංකාපුවත්) – වාද්දුව දළදාවත්ත හංදිය අසලදී ඊයේ(01) සිදු වූ රියඅනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් ඇත.

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයේ ගමන් කරන ලද පුද්ගලයකු එම බස් රථයෙන් බැසිමට යාමේදි වැටි එම බස් රථයේ පසුපස රෝදය මරණකරුගේ හිස මතින් ගමන් කර ඇති අතර එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.

මිය ගිය අය අංක 9 වසන්තාරාම පාර වාද්දුව ලිපිනයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවු ගනේගොඩගේ බුද්ධික රෑමේෂ් කුමාර නැමැති අයෙකි.

මේ සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු ලෙස කටයුතු කල විදානගේ දයාරත්න (48) යන අයව වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද දින (02) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 5 =