එයාර්ඒෂියා සමඟ ක්වාලාලම්පූර් යාමට සුවිශේෂී ගුවන් ගමන් ගාස්තුවක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවනින් ගමන්කිරීමට රුපියල් 12,699ක සුවිශේෂි ගාස්තුවක් ‘එයාර්ඒෂියා’ විසින් නිවේදනය කර ඇත.

එම ගුවන් සමාගමේ 2018 වසර සදහාවන සැලසුම් අනුව මෙරට වෙළෙඳපොලට තව තවත් සමීපවීමේ අරමුණින් මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම සුවිශේෂී ගාස්තුව අවස්ථාවක් කර ගනිමින් මැලේසියාවේ පිහිටි අවේණික වටිනාකමකින් යුත්අපූරු ස්ථාන නැරඹීම මේනම මැලේසියාවේ දී ජගත් මට්ටමේ සාප්පු සවාරි අත්දැකීමක් ලැබීමේ අවස්ථාවද සැලසෙනු ඇත. Langkawi සහ Terengganu වැනි වෙරළ පාරාදීසයන්, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන පීනෑන්ග්, නැගෙනහිර මැලේසියාවේ වැසි වනාන්තර ආදී බොහෝ දේ නැරඹීමේ අවස්ථාව ද හිමිවේ.

පෙබරවාරි 01වනදා සිට 18වනදා දක්වා කාලයේ දී airasia.com මගින් හෝ 2018 ජුලි 31වනදා දක්වා ඉක්මන් ගමන් සදහා වන AirAsia mobile app ඔස්සේ මෙම ගාස්තු යටතේ ගුවන්ගමන් වෙන් කරවා ගත හැකිය.

‘එයාර්ඒෂියා මැලේසියා’ හි වෙළෙඳ ප්‍රධානී ස්පෙන්සර් ලී මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ‘අපගේ ලෝ පතල Fly-Thru ජාලය සහ අවම ගාස්තු හරහා මෙරැටියන් ලෝකය හා සම්බන්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව කෙරෙහි අප අවධානය රැදී තිබෙන බවයි. එසේම සිය සමාගමේ මීළඟ පියවර වන්නේ තාක්‍ෂණය සහ ඩේටා භාවිතයෙන් ප්‍රසන්න අත්දැකීම් පිරිනැමීම බවද හෙතෙම පැවසීය. ඩිජිටල් වශයෙන් මෙන්ම ලෝකයේ නැඹූරුවට අනුරූපී වූ ‘ස්මාර්ට්’ ගමන් (Smart travelling) පරිසරය ආහ්‍රයෙන් ද ශ්‍රී ලංකාව තුළ තව තවත් වර්ධනය වීමට බලාපොරොත්තුවන බව හෙතෙම පැවසීය.

එයාර්ඒෂියා ගුවන් සමාගම මේවන විට ශ්‍රී ලංකාව සහ මැලේසියාව යා කරමින් දිනකට ගුවන්වාර දෙක බැගින් කොළඹ සිට මැලේසියාවේ අගනුවර ක්වාලාලම්පූර් අතර ක්‍රියාත්මක කරයි.

ආසියාවේ රටවල් 14ක්, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාවද ඇතුළුව ගමනාන්ත 41ක් වෙත එයාර්ඒෂියා, සිය ගුවන් ගමන් ක්‍රියාත්මන කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *