නීතිය සැමටම පොදුයි – අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂය සැමටම එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

අම්පාරේ ඊයේ(01) පැවති ජන රැළියක් අමතමින් අගමැතිවරයා මේ බවකියා සිටියේය.

අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා මෙම ජන රැළිය සංවිධාන කර තිබුණි. අම්පාර බස්නැවතුම්පොළ අසල පැවති ජන හමුවට මැතිඇමතිවරුන් කිහිප දෙනෙක් එක්ව සිටියහ.

නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කැපවීම ගැන අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

” රාජපක්ෂ රෙජිමය යටතේ මේ රටේ හොරකම් උඩ ඉදන් යටට ගියා යට ඉදන් උඩට ගියා..ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඒ වගේම සීමා කරා මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරලා තමන්ගේ රාජපක්ෂ රෙජිමය හදන්න බැලුවා..අපිට මේ හැම මාධ්‍යම බනිනවා..එක්කනෙක්වත් අපි අරගෙන යන්නෑ සුදු වෑන් වල ..ඒ නිසා තවත් නිකන් කාඩ්බෝඩ් වීරයෝ වගේ අපිට බනිනවා..ප්‍රශ්නයක් නෑ..ඒකත් කරගෙන යන්න..අපි ආවේ හොරු අල්ලන්න…අපි හොරු අල්ලනවා…නීතියට යටත්ව කරන්නේ..දැන් ඉස්සර නොව්ණු විදියට රාජපක්ෂලා කීප දෙනෙක් උසාවියට ගෙනිහිල්ලා තියනවා..නඩු දාලා තියනවා…ඒ විතරක් නෙමේ අපි අපිට තියන චෝදනාත් ඔක්කොම හොයලා බලනවා…ඒකයි බැදුම්කරය ගැන හොයලා බැලුවේ…අපි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ටත්න් අනික් අයටත් වෙනවෙනම සලකන්නෑ…එක්සත් ජාතික පක්ෂයට ආරක්ෂාවත් අනිත් අයට පිටිපස්සේ විභාග කිරීමත් කරන්නෑ..අපි රාජපක්ෂලා ආරක්ෂා කරන්නත් අනික් අයට නඩු දාන්නත් කරන්නෑ..අපි රාජපක්ෂලාට නඩු දානවා ..අනික් අයටත් නඩු දානවා..අපි රාජපක්ෂලාට එක නීතියකුත් අනික් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කරන්නෑ කියලා මං කියන්න කැමතියි..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *