ශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන පිළිසකර කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ලේකම් කාර්යාලය මඟපෙන්වීමෙන් රුපියල් මිලියන 45ක මුදලක් වැය කරමින් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට පියවර ගෙන ඇත.

වසර විස්සකට පසුව මෙම පිළිසකර කිරීම සිදුකෙරේ. මල්වතු අස්ගිරි උභය විහාරාධිපතිවරුන්ගේ සහ දියවඩන නිළමේතුමන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයගේ මැදිහත්වීමෙන් ජනාධිපතිතුමාගේ පූර්ණ උපදේශකත්වය යටතේ මෙම පිළිසකර කිරීම ආරම්භ කොට තිබේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථව විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතර මොරටුව විශ්වවිද්‍යාලය මඟින් ඊට අදාළ තක්ෂණික උපදෙස් ලබා දෙනු ලැබේ.

2017 ඔක්තෝබර් මස මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල අතර මාස හයක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *