බෙල්ලන්විල නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය 08 වනදා

(කොළඹ, ලංකාපුවත්) – අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 08 වන දින පස්වරු 3ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ.

හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ඊයේ (03) පෙරවරුවේ අපවත් වුණි.

විහාරස්ථානයේ මියන්කුමාර නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී මෙම අනතුරට ලක්වූ උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණි.

අනතුරුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවූ අතර එහිදී පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට පැය 10 ක පමණ ශල්‍යකර්මයක් සිදුකර තිබුණේ උන්වහන්සේගේ ඉල ඇට කිහිපයක් සහ දකුණු උරහිසේ අස්ථිය බිඳී ගොස් තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් 75 වසරක් ආයු වළඳා ඊයේ පෙරවරුවේ අපවත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *