ඇලෝෂියස් හා පලිසේන 16 තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ (04) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අද (05) දිනය දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

පසුව අද(05) දිනයේ නැවතත් ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇත.

 

 

ඇලෝෂියස් හා පලිසේන රක්ෂිත බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – අත්අඩංගුවට ගනු ලැබූ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂීයස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඊයේ (04) රාත්‍රියේ මොවුන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කොට තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල ඉල්ලීමකට අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඊයේ පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගනු ලැබූ අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පලිසේන යන මහත්වරුන්ගෙන් ඊයේ රාත්‍රිය වන තුරුම ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 1 =